විදෙස්ගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ජුලි 14 සිට නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් තාවකාලිකව නතර කරන බවයි.

එංගලන්තයේ සිට මගීන් 234 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 229 දෙනෙකු අද (11) දිවයිනට පැමිණ තිබේ.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් එම රටවල අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් සහ සංක්‍රමණික සේවකයින් ද මෙයට ඇතුළත් ය.

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--