චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් සැර පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ හිටපු වේගපන්දු ක්‍රීඩක චමින්ද වාස් මහතා අතර කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය අද (23) දිනයේ පාර්ලිමේන්තුව තුළ ද සාකච්ඡාවට ගැනුණා. විපක්ෂ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බටහිර ඉන්දීය ක්‍රිකට් සංචාරයට අවසාන මොහොතේ වේග පන්දු පුහුණුකරුවකු නොමැතිව කණ්ඩායමට යාමට සිදු වීම පිළිබඳ තමා පෞද්ගලිකව කණගාටු වන බව පැවසුවේය.

ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ද විනය පැවතිය යුතු බවත් සංචාරයේ අවසාන මොහොතේ දීමනාවන් පිළිබඳ ගැටලුවක් මුල් කරගනිමින් චමින්ද වාස් තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කරන ලදී. මෙහිදී අතුරු ප්‍රශ්ණයක් නගමින් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විමසුවේ විදේශීය වේග පන්දු පුහුණුකරුවන්ට ලබා දෙන වේතනය ලංකාවේ හිටපු දක්ෂ ක්‍රීඩකයකුට ලබා නොදෙන්නේ ඇයි ද යන්න යි. එයට පිළිතුරු දෙමින් සංචාරයෙන් පසු  චමින්ද වාස් සමඟ පවතින ගිවිසුම දීර්ඝ කිරීමට සූදානමක් තිබුණු බවත්  එම අවස්ථාවේ අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් චමින්ද වාස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කළ තිබුණේ තමාගේ ඉතාම සාධාරණ ඉල්ලීමක් ක්‍රිකට් ආයතනය මඟින් ඉවත දැමූ බවයි. එමෙන්ම මේ අවස්ථවේ ඒ පිළිබඳ වැඩි දුර යමක් පැවසිය නොහැකි බව ද ඔහු සඳහන් කර තිබුණේය.

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--