විරාත් කෝලි පියාගේ භූමිකාව ගැන ආඩම්බරෙන් කතා කරයි..

පියාගේ භූමිකාව සඳහා තමන් උපරිම උත්සාහයක් ගනිමින් ඉන්න බව විරාත් කෝලි පවසා තිබෙනවා.පෙනෙන්නට තියෙන්නෙ එය ක්‍රිකට් තරම් නම් ලේසි නොමැති බවයි.

පසුගිය මාසයේ විරාත් සහ අනුෂ්කාගේ ආදරණීය කුළුදුල් දරු උපත සිදුවුණේ ඔවුන් දෙදෙනාම ප්‍රමෝදයට පත් කරමින්. පියකු සහ මවක වීම හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. වාසනාවකට ක්‍රිකට් ක්‍රීඩකයකු වීම තුළ මේ තත්ත්වයට හැඩ ගැස්වීම ලේසි වුණ බවයි විරාත් කියන්නෙ. ඕනම දෙයක් උනන්දුව ඇත්නම් ඉගෙන ගැනීම මහ කාරියක් නෙවෙයි. ඒ නිසාම ඩයපර්(diapers) වෙනස් කරන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම විරාත්ට එතරම් අපහසු නොවූ බව විරාත් ස්ටාර් ස්පෝට්ස් සම්මුඛ සාකච්ඡාවක් අතරතුර කියා සිටියා.  

“මම එය ප්‍රගුණ කර නම් නෑ. ඒත් මම මෙතෙක් ඉගෙනගෙන ඇති සෑම දෙයක් පහසුවෙන් ඉගෙන ගත්තා. මට අවශ්‍ය වූයේ ඩයපර් වෙනස් කිරීමට. එය ඉගෙන ගැනීම අමාරු වුණේ නෑ. මට ඉගෙන ගැනීමට අවශ්‍ය වුණා,”යයි ඔහු පැවසුවා.

වමිකා ඔවුන්ගේ ජීවිතයේ ආදරය සතුට හැමදේම වෙනත්ම තලයකට ගෙන ආ බවත් විරාත් මෙහිදී සඳහන් කළේ ඇත්තටම නිහතමානී ආඩම්බරයකින් යුතුව.

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--