හැමෝම පිස්සු වට්ටමින් සුනිල් ෂෙට්ටිගේ පුත් අහාන් ෂෙට්ටි පළමුවරට බොලිවුඩය ආක්‍රමණය කරයි..

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් සිය ආදරණීය සගයා වන සුනිල් ෂෙට්ටිගේ පුත් ආහාන් සිනමාවට හඳුන්වා දීමේ වගකීම භාර ගනිමින් ඔහුගේ පළමු චිත්‍රපටය වන ‘TADAP’ හි පෝස්ටරය එළිදක්වා තිබේ. සුනිල් ෂෙට්ටිගේ රුවට සමාන රූපයකින් හෙබි අහාන් බොලිවුඩයට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙයයි.

“ඔබට සුභ දවසක් ආහාන්… මට තවමත් මතකයි ඔබේ පියා, සුනියෙල් වෂෙට්ටිගේ පළමු චිත්‍රපටය, බල්වාන්ගේ පෝස්ටරය, අද මම ඉදිරිපත් කරන්නෙ සජිඩ් නාඩියාඩ්වලාගේ Tadap පෝස්ටරය. එය බෙදා ගැනීමට ලැබීම සතුටක් හා ආඩම්බරයක්” අක්ෂේ කුමාර් සිය මිලියන 40.8 ක් වන අනුගාමිකයන් වෙත ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මිලාන් ලුත්රියා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය සැප්තැම්බර් 24 වන දින සිට සිනමාහල් වල තිරගත වීමට නියමිතය.

පෝස්ටරයේ අහාන් කැරලිකාර පෙම්වතාගේ භූමිකාව රඟදක්වන අතර බොලිවුඩ් රසිකයින් මෙම චිත්‍රපටය නැරඹීමට ඇඟිලි ගනිමින් සිටින බව පැවසේ. අක්ෂේ මෙන්ම අහාන්ගේ පියා ද සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුවෙත සුභ පැතුම් එක් කළේය.

“ශිෂ්‍යයෙකුට අවශ්‍ය වන්නේ ගුරුතුමියකි, අහාන් ඔබ තුළ සොයාගෙන ඇත්තේ එයයි. ඔහු කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි ”යනුවෙන් සුනිල් අධ්‍යක්ෂකවරයා ටැග් කරමින් තම පුතා බොලිවුඩයට හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයාට ස්තූති කර තිබිණි.

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--