‘කොවිඩ්’ ඉවර වුණ හැටියේම මම විවාහ වෙනවා.. – ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ

ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ මුණ ගැසුණ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ දක්ෂ.. තරුණ.. රංගන ශිල්පියෙකි. මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින ඔහු ඉදිරි කාලයේදී වැඩිපුරම සිනමා නිර්මාණ හරහා ඔබට දැක ගැනීමට හැකිවේ. මෑතකදී එක්වූ පුවත්පත් සකාච්ඡාවකදී ඉසුරු තම විවාහය ගැන ඉඟි මෙසේ පළ කොට තිබුණි.

විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින්. වයස හරි කියලා එකක් නැහැ. මට හිතෙනවා පවුල් ජිවිතයක් ගොඩනගන්න දැන් කාලේ හරි කියලා. හැබැයි මේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය ඉවර වෙනකල් මම බලාගෙන ඉන්නවා මගේ විවාහය ගන්න. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ හින්දා පනස් දෙනෙකුට විතරක් කියලා විවාහ උත්සවයක් ගන්න බැහැ. පනහකට කිව්වොත් තව පන්දාහක් විතර මාත් එක්ක තරහා වෙනවා. ඉතින් මේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය පහවෙලා ගියාම විවාහය ගැන සැළසුම් කරනවා. විවාහයත් මම වෙනස්ම විදිහට ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ පිළිබඳව මම විවාහය ගන්න ළං වෙලා කියන්නම්. 

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--